29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportවනිඳු හසරංග එක් ස්ථානයක් පහළට

වනිඳු හසරංග එක් ස්ථානයක් පහළට

ජාත්‍යන්තර T20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඇෆ්ගනිස්ථානයේ පා දඟ පන්දු යවන රෂිඩ් ඛාන් නැවතත් ලොව අංක එකේ T20 පන්දු යවන්නා බවටයි පත්ව ඇත්තේ.

පාකිස්ථානය සමග පැවැත්වූ T20 තරග සංචාරයේ ජයග්‍රහණය ඇෆ්ගනිස්ථානයට හිමි වීමත් සමග ඔහු මෙලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව මෙතෙක් පළමු ස්ථානය තමන් සතුකර ගෙන සිටි ශ්‍රී ලංකාවේ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග දෙවන තැනට පත්ව තිබෙනවා.

රෂිඩ් ඛාන් පළමු වරට T20 පන්දු යවන්නන් ලැයිස්තුගත කිරීමේ පළමු ස්ථානයට පැමිණියේ 2018 වර්ෂයේ දීයි.