― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවෙඩි තැබීමකින් හෝටල් හිමිකරුවෙකුට තුවාල

වෙඩි තැබීමකින් හෝටල් හිමිකරුවෙකුට තුවාල

වැලිගම මිදිගම ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අද සවස 6.15ට පමණ මිදිගම ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු එම හෝටලය ඉදිරිපස නතර කර තිබූ යතුරුපැදියක සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ටී. 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පාතාල කල්ලි සාමාජිකයෙකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටා යන සැකකරුගේ සමීපතමයන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි සැක කෙරෙන්නේ.

කෙසේවෙතත් වෙඩි තැබීම සිදු කළේ කවුරුන් ද යන්න මෙතෙක් හෙළි වී නැහැ.

අද වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ 31 හැවිරිදි හෝටල් හිමිකරු ඉලක්ක කර පසුගිය 2021 වසරේ දෙසැම්බර් මස 22 වනදා ද වෙඩි තැබීමක් සිදුවූ අතර එහිදී ඔහුගේ සහෝදරයාට තුවාල සිදුවී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.