26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහජ් වන්දනාකරුවන් රැගත් බස් රථයක ගින්නක්

හජ් වන්දනාකරුවන් රැගත් බස් රථයක ගින්නක්

හජ් වන්දනාකරුවන් රැගෙන මක්කම බලා යමින් සිටි බස් රථයක් සෞදි අරාබියේදී අනතුරට ලක්ව ගිනිගෙන තිබේ.

මෙම අනතුරින් 20 දෙනෙකු පමණ මිය ගිය අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. යේමනයට මායිම්ව පිහිටි දකුණු පළාතේ අසීර්හිදීයි මෙම සිදුවීම සිදුව ඇත්තේ.

මියගිය අය විවිධ රටවල සිට පැමිණි අය බවට මූලික විමර්ශනවලින් පෙනී ගියද ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර නොමැත.

වාර්ෂික හජ් වන්දනාව සඳහා මිලියන සංඛ්‍යාත මුස්ලිම්වරුන් සෞදි අරාබියට යන අතරතුර මෙම ඛේදවාචකය සිදු වී තිබේ.

#Al jazeera