― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහරක් කටාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්නැයි පෙත්සමක්

හරක් කටාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්නැයි පෙත්සමක්

තම ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අත්අඩංගුවේ පසු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් සඳහන් කර තිබෙන්නේ මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගනු ලැබූ තමන්ව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිට බවයි.

මේ වනවිට සිය ජීවිතය සම්බන්ධයෙන් බලවත් අවදානම් තත්වයක් මතුව ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු සිය ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම තමන්ව මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කළ ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසට ද පෙත්සමෙන් ඉල්ලා ඇතැයි සඳහන්.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නම් කර තිබෙනවා.