දැනට රැඳවු භාරයේ සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා සහ සලිඳු මල්පික හෙවත් කුඩු සලිඳු පිටතට රැගෙන යාමේදි ආරක්ෂිත විධිවිධාන අනුගමනය කරන ලෙසට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
ඒ ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවාගෙන ප්රශ්න කිරීමට අදාළ නඩුව කොටුව මහේස්ත්රාක් කිලිණ ගමගේ හමුවේ අද (29) කැඳවූ අවස්ථාවේ දීයි.
එහිදි මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත්තේ හරක් කටා සහ කුඩු සලිඳු රඳවා සිටින ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේ නමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකිව යුතු නිලධාරියෙකු භාරයේ සහ විමර්ශන සිදුකරන ඒකකයේ ස්ථානාධිපතිවරයා යටතේ රැගෙන යන ලෙසයි.