29 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIOC ඉන්ධන මිලත් පහළට

IOC ඉන්ධන මිලත් පහළට

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අඩු කළ ඉන්ධන මිලට සමගාමීව ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද (IOC) තම මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව එම සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ ප්‍රෙල් ලීටරයක මිල රුපියල් 60කින් සහ ඔටෝ ඩීසල් ලීරයක මිල රුපියල් 80කිනුයි අඩු කර ඇත්තේ.

නව මිල සංශෝධනය අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 340ක් වන අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 325ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 375ක් වනවා. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 45කින් පහත දැමූ අතර එහි නව මිල රුපියල් 465ක්.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 295ක් බවයි අමාත්‍ය කංචන විජේසේකර කියාසිටියේ.