27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalදූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා නොව රටේ දූෂණය නැති කිරීමට බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (30) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

රට තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මෙන්ම දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කරනු ලබන දූෂණ වංචා වැළැක්වීම සඳහා දැනට පවතින අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම් සභාව විසින් කිසිදු සාධනීය පියවරක් ගෙන නොමැති බවත් එම කොමිෂන් සභාවේ කටයුතු අසාර්ථක වීම හේතුවෙන් හා 2004 වසරේ දී ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද එක්සත් ජාතීන්ගේ දුෂණ විරෝධි ප්‍රඥප්තියට අනුව යමින් නව දුෂණ විරෝධි පනත් කෙටුම්පත සකස් කර ඇති බවත් එය සම්මත කිරීමට සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.