27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅධික ලෙස හෙරොයින්වලට ඇබ්බැහි වූ ජේලර් අත්අඩංගුවට

අධික ලෙස හෙරොයින්වලට ඇබ්බැහි වූ ජේලර් අත්අඩංගුවට

අධික ලෙස හෙරොයින්වලට ඇබ්බැහි වූ බන්ධනාගාර නියාමකවරයෙකු නිවිටඹුව මූලස්ථාන පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගෙන අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු පුනරුත්ථාපනය කිරීම සඳහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ.

මහර බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරයෙකු වන 31 හැවිරිදි අයෙක් මෙලෙස පුනරුත්ථාපනය කිරීමට නියෝග කලේ.

නිට්ටඹුව පොලිසියේ දූෂණ මර්දන අංශය වෙත ලැබුණු තොරතුරක් මත නිට්ටඹුව කොන්ගස්දෙනියේ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීමකදි පුද්ගලයකු හෙරොයින් මිලිග්‍රෑම් 2120 ක් සමග අත්අඩංගුවට ගත් අතර එම ස්ථානයේදිම, අධික ලෙස මත් වී සිටි පුද්ගලයකු ද පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

අධික ලෙස මත් වි සිටි පුද්ගලයා වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු විශාල වශයෙන් හෙරොයින් පානය කළ සිටි බවයි හෙළි වී ඇත්තේ.

පසුව සිදුකළ විමර්ශන වල දී එම හෙරොයින් පානය කළ පුද්ගලයා මහර බන්ධනාගාරයේ නියාමකවරයෙකු බවටත් පොලිසිය විසින් තහවුරු කර ගනු ලැබුවා.