29.5 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන සැපයුම සාමාන්‍ය අතට

ඉන්ධන සැපයුම සාමාන්‍ය අතට

දිවයින පුරා ඉන්ධන සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.

ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග ඊයේ දිනයේදීත් අද උදෑසනත් ඉන්ධනහල් වෙත ලැබී තිබෙනවා. නමුත් ඇතැම් ඉන්ධනහල් තුළ තරමක තදබදයක් පවතින අතර ඊට හේතුවී තිබෙන්නේ මධ්‍යම රාත්‍රියේ සිට මිල අඩුවූ ඉන්ධන ලබාගැනීමට අද පෙරවරුවේ ජනතාව ඉන්ධන හල් වෙත පැමිණ සිටීමයි.

මේ අතර ඊයේ සවස වනවිට ඔටෝ ඩීසල් ලීටර් 6,600 ක ලෝඩ් 574 ක් සහ පෙට්‍රල් 92 ලීටර් 6,600 ක ලෝඩ් 512 ක් ඉන්ධන පර්යන්ත මගින් හා ප්‍රාදේශීය ඩිපෝවලින් පිරවුම්හල් වෙත යවා යැවූ බව බලශක්ති අමාත්‍යවරයා පැවසුවා.