― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගොවි ජනතාවට උපරිම සහන ලබා දීලා තියෙන්නේ - කෘෂිකර්ම ඇමති

ගොවි ජනතාවට උපරිම සහන ලබා දීලා තියෙන්නේ – කෘෂිකර්ම ඇමති

ගොවියා ගොවිබිමෙන් ඈත් කිරීමට ඇතැම් දේශපාලන කණ්ඩායම් වීවිධ උත්සාහයන් දැරුවද ඒ් සියල්ල පරදා රජයක් ලෙස කෘෂිකර්මාන්තයට අවශ්‍ය උපරිම සහන ලබාදීමට හැකිවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ ( 29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ගොවීන්ට ලබා දෙන සහන හා යල කන්නය සාර්ථක කර ගැනීම පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවට සහභාගි වෙමිනි.

විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුව ද මෙවර මහ කන්නයේ මෙට්‍රික් ටොන් ලක්ෂ 33 කට වැඩි ප්‍රමාණයක අස්වැන්නක් ලබාගැනීමට හැකි වූ බවත් මෙම මස අවසාන වීමට පෙර සියලු ම ගොවීන්ට මඩ පොහොර ලබා දෙන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

“ රුපියල් 40,000 ට තිබුණු යූරියා හොණ්ඩරය අපි 10,000 දක්වා අඩු කළා. බණ්ඩි පොහොර ගන්න හෙක්ටයාරයකට රු 10,000 ගානේ ආධාර ලබා දුන්නා. ගොයම් කැපීම සඳහා ඉන්ධන ලබා දුන්නා. සිංහල අවුරුද්දට පෙර සියලුම දෙනාට මේ මූල්‍යමය සහනය ලබා දෙන්න කටයුතු කරනවා. ඇතැම් දිස්ත්‍රික්කවල මීටත් වඩා සහන ලබා දීල තියෙනවා. රු 30,000 දක්වා ආධාර ලබා දුන් දිස්ත්‍රික්කත් තියෙනවා. කාබනික පොහොර ලබා ගැනීමටත් හෙක්ටයාරයකට රු 20,000 ගානේ රු 40, 000 ක් ලබා දුන්නා. ”

සෑම වසරක ම අතරමැදි කන්නයක් වගා කර ගොවි ජනතාවට ශක්තියක් වන වැඩපිළිවෙළක් ඇති කරන බවත් ඒ් සඳහා වී වෙනුවට උදු මුං කවිපි වැනි බෝග යොදා ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ වනවිටත් අක්කර 30,000 කට ආසන්න ප්‍රමාණයක ගොවි ජනතාව මුං ඇට වගා කිරීම සඳහා කැමැත්ත පළ කර ඇති බව අමාත්‍යවරයා පැවසීය. බඩඉරිගු වගාකරුවන්ට සහන පැකේජයක් ලබාදීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මේ සියලු ම සහන ලබාදීම් සඳහා අනුමැතිය ලබාදීම තුළින් මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකි වූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.