― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsගොවීන්ට පොහොර ගන්නත් QR කේතයක්

ගොවීන්ට පොහොර ගන්නත් QR කේතයක්

ඉදිරියේදී ගොවි ජනතාව වෙනුවෙන් QR කේතයක් හඳුන්වා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේදී පැවැති කෘෂි ව්‍යවසායකයින් පිරිසක් විසින් සංවිධානය කරන ලද පුද්ගලික ව්‍යවසායකත්ව වැඩමුළුවකට සහභාගි වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ අනුව QR ක්‍රමවේදය භාවිත කරමින් ගොවීන්ට පොහොර, බීජ වැනි දෑ ලබාගැනීමට ඉඩ ප්‍රස්ථාව හිමිවන බවයි.

ගොවි ජනතාව පොහොර ගැටලුවෙන් බොහෝ සේ පීඩාවට පත්වු බවත් ඔවුන් වෙනුවෙන් මේ වසර තුළද පොහොරවලට අමතරව සහන ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

අපි කෘෂි කේෂ්ත්‍රයේ ඉදිරියට යන්න නම්, ගන්න ඕනේ පියවර රැසක් තියෙනවා. ඒක පොහොර දීම විතරක් නෙමෙයි. අපි පොහොර ටික දීලා දැන් හරි කිව්වොත් ඒක නිවැරදි නෑ. ගොවීන්ට තිබුණ ලොකුම ප්‍රශ්නය රසායනික පොහොර අපි දෙන්න පටන් ගත්තා. එන කන්නය දැන් සම්පූර්ණ ආරක්ෂාව අපි දීලා තියෙනවා. ඊයේ අවසාන තීන්දුව ගත්තා ජනපති ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ දී. කැබිනට් මණ්ඩලයට සඳුදා යොමු වෙනවා. පොහොර ප්‍රශ්නයක් එන කන්නය තුළ ඇති විය නොහැකියි. මඩ පොහොර දැනටමත් ඒ ප්‍රදේශවලට යවලා තියෙනවා. එන සතියේ සඳුදා වෙද්දි පොහොර ඔක්කෝම බෙදලා ඉවර කරනවා.

ඒ වගේම අපි විශ්වාස කරනවා මේ පොහොර ලබාදීමේ කටයුත්ත ආණ්ඩුව කළ යුතු නෑ කියලා. ඒකට පෞද්ගලික අංශය අපි සම්බන්ධ කර ගත යුතුයි. ඔබට ආරධනා කරනවා ඉදිරියේ දී පොහොර වැඩසටහන්වලට ජනාධිපතිතුමාගේ රජයේ අදහස රාජ්‍ය අංශය මැදිහත්වෙලා අනවශ්‍ය වියදමක් දරන්න ඕනේ නෑ. ගිය වතාවේ පොහොර ප්‍රවාහනයට පමණක් බිලියන 6.7ක් වියදම් කරලා තියෙනවා.