― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsපළමු වසරේ දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්න ගුරුවරු 13,800ක්

පළමු වසරේ දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්න ගුරුවරු 13,800ක්

පළමු ශ්‍රේණියේ සියලු දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ කටයුතු අදින් අරඹන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගංගොඩවිල සමුද්‍ර දේවි බාලිකා ප්‍රාථමික විද්‍යාලයේ අද (30) පළමු ශ්‍රේණියේ දරුවන් සඳහා ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ඇරඹීමේ සමාරම්භක වැඩසටහනට එක්වෙමිනි.

ඒ සඳහා අවශ්‍ය ප්‍රාථමික ගුරුවරුන් 13,800ක් පමණ මේ වනවිට‍ පුහුණු කර අවසන් බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඒ අනුව ලබන වසරේදී දෙක ශ්‍රේණියටත් අනතුරුව තුන වසරේ සිට උගන්වන අනිවාර්ය ඉංග්‍රීසි විෂය සමගත් මෙම වැඩසටහන ඒකාබද්ධ කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙරට ජාත්‍යන්තර පාසල්වල දෙස්විදෙස් දරුවන් මුල සිටම ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබන බවත් අනාගත දෙස් විදෙස් රැකියා ක්ෂේත්‍රය වැඩි වශයෙන්ම විවෘත වන්නේ ඔවුන් සඳහා බවත් පැවසූ අමාත්‍යවරයා එම පරතරය නැති කිරීමට රජයේ පාසල්වල ඉංග්‍රීසි භාෂා මාධ්‍ය අධ්‍යාපනය ප්‍රායෝගිකව ව්‍යාප්ත කරන බව පැවසීය.