27.2 C
Colombo
Saturday, August 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට කොහිල පරිභෝජනය 40%කින් ඉහළට

මෙරට කොහිල පරිභෝජනය 40%කින් ඉහළට

මෙරට කොහිල පරිභෝජනය සියයට 40කින් ඉහළ ගොස් ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් කළ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ 2021 සැප්තැම්බර් මස සිට 2022 අවසානය දක්වා මෙරට ආහාර උද්ධමනය සියයට 95ක් දක්වා ඉහළ ගිය අතර එය නිදහසින් පසු මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය බවයි.

ආර්ථික අර්බුදය පැවැති 2021 හා 2022 කාලයේ ගෘහස්ථ එළවළු පරිභෝජනය ගත් කළ කොහිල ව්‍යංජන සදහා ඉල්ලුම සියයට 45ක් දක්වා ඉහළ ගොස් තිබුණ බවත් වැඩි දෙනෙක් අවටින් සපයා ගත හැකි කුමක් හෝ එළවළුවක් ආහාර සඳහා යොදා ගෙන ඇති බවයි එහි වැඩිදුරටත් අන්තර්ගත වී ඇත්තේ.