― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිදෙස් රැකියාවලට යන කාන්තාවන්ට දැනුම්දීමක්

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට දැනුම්දීමක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමකින් තොරව විදේශ රැකියා සඳහා ගොස් සේවා ස්ථානවල ගැටලුවලට මුහුණදී පැමි‍ණෙන කාන්තාවන් සුරක්ෂා නිවාස වෙත භාරගැනීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම තීරණය අප්‍රේල් පළමුවනදා සිට ක්‍රියාත්මක වන බවයි.

එම කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් වෙනුවෙන් විදේශීය තානාපති කාර්යාලවල කම්කරු සුබසාධන අංශ යටතේ සුරක්ෂා නිවාස ස්ථාපිත කර ඇති අතර, එමගින් විදේශ රැකියාවල නියුතුව සිටියදී අවශ්‍ය විවිධ සේවාවන් ලබාගැනීම සඳහා තානාපති කාර්යාල වෙත පැමි‍ණෙන කාන්තාවන්ට අවශ්‍ය සුභසාධන පහසුකම් හා නේවාසික පහසුකම් ලබාදීම සිදුකරනු ලබනවා.

එම සුරක්ෂා නිවාස ස්ථාපිත කර ඇත්තේ නීත්‍යානුකූල රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් වෙනුවෙන් පමණක් වන නමුත් මේ දක්වාම කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශගත වූ කාන්තාවන් වෙතට ද සුරක්ෂා නිවාසවලින් අවශ්‍ය සියලු සුභසාධන පහසුකම් ලබාදීමටයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර ඇත්තේ.

කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශගත වන කාන්තාවන් සුරක්ෂා නිවාසයට පැමිණෙන අවස්ථාවලදී ඔවුන් විවිධ ගැටුම්කාරී තත්ත්වයන් ඇති කර ගන්නා අතර එම ගැටුම් පාලනය කිරීමට පොලිසියේ සහාය ලබාගැනීමට සිදු වූ අවස්ථා ද පසුගිය දිනවල වාර්තා වුණා.

එම තත්ත්වයන් පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විවිධ නීත්‍යානුකූල නොවන මාර්ගවලින් රැකියා සඳහා විදේශ ගතව සේවා ස්ථානයන්හි ගැටලුවලට මුහුණදී තානාපති කාර්යාලවලට පැමි‍ණෙන කාන්තාවන් සුරක්ෂා නිවාස වෙත භාරගැනීම අත්හිටුවීමටයි කාර්යාංශය තීරණය කර ඇත්තේ.

විශේෂයෙන්ම නීත්‍යානුකූල මාර්ගයන්ගෙන් කාන්තාවන් රැකියා සඳහා විදේශ ගතවීමට උනන්දු කිරීමත්, විවිධ තැරැව්කරුවන් හා නීත්‍යානුකූල නොවන විදේශ රැකියා ආයතනවල මැදිහත්වීමෙන් විදේශ රැකියා සඳහා කාන්තාවන් යොමුවීම අ‍ධෙර්යමත් කිරීමටත් ගනු ලැබූ පියවරක් වශයෙන් කාර්යාංශය මෙම තීරණයට එළැඹ තිබෙනවා.