25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසයින්දමරුදු පිපිරීමෙන් සාරා ජැස්මින් මියගිහින් - පොලීසිය

සයින්දමරුදු පිපිරීමෙන් සාරා ජැස්මින් මියගිහින් – පොලීසිය

2019 වසරේ අප්‍රේල් මස 26 වන දින සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමෙන් පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජැස්මින් මියගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ මරණකරුවන් හඳුනා ගැනීම සඳහා කළ ඪ්ණැ පරීක්ෂණ මගින් මේබව අනාවරණ වී ඇති බවයි.

සාරා ජැස්මින් යන අයගේ මවගෙන් ලබාගත් ඪ්ණැ සාම්පල සමග අපරාධ ස්ථානයෙන් සොයාගත් අස්ථි කොටස් කිහිපයක ඪ්ණැ සාම්පල මවක සහ දරුවෙකු අතර පවතින ජීව විද්‍යාත්මක සම්බන්ධතාව තහවුරු වන ප්‍රතිඵලයක් බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්.

ඒ අනුව එම අස්ථි සාම්පල හිමි අයගේ ජීව විද්‍යාත්මක මව රාජරත්නම් කවීදා වීමට ඉඩ ඇති සම්භාවිතාව 99.9999%ක් බව තහවුරු වී ඇති බවයි දැක්වෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිතයි.