29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන අලෙවියෙන් රජයට ලැබෙන ලාභය මෙන්න

ඉන්ධන අලෙවියෙන් රජයට ලැබෙන ලාභය මෙන්න

එක් එක් ඉන්ධන වර්ගය අලෙවියෙන් රජයට ලැබෙන ලාභය පිළිබඳව සමාලෝචනයක් සිදුකර තිබෙනවා.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයකින් රුපියල් 1.63ක් හා 95 ලීටරයකින් රුපියල් 1.15ක් රජයට ලැබෙන බවයි.

ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් ශත 4ක් රජයට ලැබෙන අතර සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 2.26ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 2.66 ක ලාභයක් රජය උපයනවා. ඉන්ධන සදහා සමස්ත පිරිවැය වැය ලෙස ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 338.37ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 373.85ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 324.96ක්, සුපර් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 462.74ක් සහ භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 292.34 ක් රජය වැයකරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඉන්ධන සදහා බද්ද ලෙස ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 78.46ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 100.90ක්, ඔටෝ ඩීසල් ලීටරයකට රුපියල් 53.40ක්, සුපර් ඩීසල් ලීටරයකට රුපියල් 84.40ක් හා භූමිතෙල් ලීටරයකට රුපියල් 3.65ක් රජය අයකරනු ලබනවා.