28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsක්‍රීඩා ඇමතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ධුරයෙන් ඉවත් වෙයි

ක්‍රීඩා ඇමතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ධුරයෙන් ඉවත් වෙයි

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

ඒ පිළිබඳව ඔහු විසින් ලිඛිතව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙත දන්වා යවා තිබෙනවා. අදාළ ලිපිය මඟින් තම ඉල්ලා අස්වීමට හේතු වූ කරුණු ඔහු විසින් එකිනෙක සඳහන් කර තිබීම ද විශේෂත්වයක්.

එහිදී ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංගගේ අදූරදර්ශී, කුහක හැසිරීම නිසාවෙන් තමා බලවත් කම්පාවට සහ පීඩනයට පත්ව සිටීම මෙම තීරණය ගැනීමට ප්‍රධානතම හේතුව වූ බවයි සුදත් චන්ද්‍රසේකර දන්වා ඇත්තේ.

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස අර්ජුන රණතුංග වෙත ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර විසින් ලිඛිතව සිදුකළ දැනුම්දීමක් මත පසුගිය දින දෙක තුළ ඔහු පිළිබඳව සමාජයේ දැඩි කතා බහක් මතු වුණා.

සුදත් චන්ද්‍රසේකර විසින් අමාත්‍යවරයා වෙත යොමුකළ ඉල්ලා අස්වීමේ ලිපිය පහතින්.