27.2 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජල බිල්පත් නොගෙවූ 40,000කගේ සබඳතා විසන්ධි වෙයි

ජල බිල්පත් නොගෙවූ 40,000කගේ සබඳතා විසන්ධි වෙයි

මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කගේ ජල සබඳතා විසන්ධි කිරීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

බිල්පත් නොගෙවූ පිරිස අතර මැති ඇමතිවරුන්, රාජ්‍ය ආයතන, ව්‍යාපාරික ස්ථාන හා ගෘහස්ථ පාරිභෝගිකයින් වනවා.

ඔවුන්ගෙන් රජයට අයවිය යුතු මුදල රුපියල් මිලියන 1600ක් වන අතර බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින්ගෙන් 15000 කට එරෙහිව නඩු පැවරීමට ද ජල සම්පාදන මණ්ඩලය අපේක්ෂා කරනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ජල ගාස්තු ඉහළ දැමිමත් සමග බිල්පත් ගෙවීම 40% ක් දක්වා අඩුවී ඇති අතර ඒ හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට දැඩි මූල්‍ය ගැටලුවකට මුහුණ දීමට සිදුව තිබෙනවා.