29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජුනි 01 වැනිදා සිට තහනම් ප්ලාස්ටික් බඩු ලැයිස්තුව

ජුනි 01 වැනිදා සිට තහනම් ප්ලාස්ටික් බඩු ලැයිස්තුව

ජුනි මස 01 වැනිදා සිට ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, ප්ලාස්ටික් මල්මාලා, ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි සහ ප්ලාස්ටික් බීම බට සහ කලතන යන නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිය, භාවිතය තහනම් කෙරෙන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ජාත්‍යන්තර කසළ ශුන්‍ය දිනය සැමරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් කොළඹදී ඊයේ (30) පවත්වන ලද වැඩසටහනකදී එහි සභාපති සුපුන් එස්. පතිරගේ මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඊට අදාළ රෙගුලාසි ගැසට් කිරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම වසර 2025 වනවිට තවත් ප්ලාස්ටික් භාණ්ඩ කීපයක් තහනම් කිරීමට සැලසුම් කර ඇති ඊට අදාළ භාණ්ඩ ලැයිස්තුව සකස් කරමින් පවතින බවත් සභාපතිවරයා අවධාරණය කළේය.