31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඩයනාගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න කල් දෙයි

ඩයනාගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න කල් දෙයි

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස සහ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු කටයුතු කිරීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ඉදිරිපත් කළ පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ දිසා අධිකරණය වගඋත්තරකරුවන්ට අද කල් ලබා දුන්නා.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර විසින් විරෝධතා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඒත් පෙත්සම කැඳවූ අවස්ථාවේ දී විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලා සිටියා. ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා මැයි මස 22 වනදා දක්වා අධිකරණය විසින් වගඋත්තරකරුවන්ට කල් ලබා දුන්නා.

පෙත්සම්කාර රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය කියා සිටින්නේ සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරණ පුද්ගලයෙකුට එම බලවේගය තුළ සාමාජිකත්වය දැරිය නොහැකි බවයි.

එහෙත් සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරණ පුද්ගලයින් බවත් ඔවුන් ඒ සම්බන්ධයෙන් අධිකරණවල නඩු පවරා තිබෙන බවත් පෙත්සම්කාරිය පෙන්වා දෙනවා.

ඒ අනුව ඔවුන් සමගි ජන බලවේගය තුළ නිලතල දැරීම නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ.