28.9 C
Colombo
Wednesday, November 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතරුණයෙකු පැදවූ වෑන් රථයක් නිසා පොලිස් නිලධාරියෙක්ට තුවාල

තරුණයෙකු පැදවූ වෑන් රථයක් නිසා පොලිස් නිලධාරියෙක්ට තුවාල

ජාත්‍යන්තර පාසලක සිසුවෙකු පැදවූ වෑන් රථයක් රථවාහන රාජකාරියේ නරතව සිටි පොලිස් කොස්තාපල්වරයකුගේ ගැටීමෙන් එම නිලධාරියා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව සිටින්නේ කොල්ලුපිටිය පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයක්. ඔහු කොල්ලුපිටිය මුහුදු මාවතේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරි යෙදී සිටියදී කොල්ලුපිටිය දුම්රියපොළ දෙස සිට සිසුවා පැදවූ වෑන් රථය පැමිණ තිබෙනවා.

අපරික්ෂාකාරී ලෙස පැමිණි එම වෑන් රථය පොලිස් නිලධාරියාගේ ගැටී ධාවනය වී ඇති බවයි කොල්ලුපිටිය පොලිසිය පවසන්නේ. අනතුර සිදු කළ 18 හැවිරිදි සිසුවා පොලීස් අත්අඩංගුවට ගෙන ඇති අතර දෙහිවල පදිංචි ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.