27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපුද්ගලික ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

පුද්ගලික ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

මට්ටක්කුලිය, කැළණි ගඟ මෝල පාරේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයෙකුට ඊයේ (30) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී පලාගොස් තිබුණා.

පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමේ දී මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කළේ. මියගිය පුද්ගලයා වයස අවුරුදු 39ක අයෙක් වන අතර පුද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවටයි මේ වන වනවිට අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සඳහා පැමිණි පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා. මට්ටක්කුලිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබනවා.