25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබඹර දෂ්ටනයකින් පස් දරු පියෙක් ජීවිතක්ෂයට

බඹර දෂ්ටනයකින් පස් දරු පියෙක් ජීවිතක්ෂයට

තේ වතු යායක වැඩ කරමින් සිටි පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

තවත් වතු කම්කරුවන් දෙදෙනෙකු තුවාල ලබා ලිඳුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බඹර ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ ලිඳුල ෆර්රාම් වතුයායේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙක්. ලිඳුල පොලිස් වසමට අයත් ෆර්රාම් වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද උදෑසන 10ට පමණ බඹර ප්‍රහාරය එල්ල වී ඇතැයි සඳහන්.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් තුන් දෙනා ලිඳුල ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන එන අවස්ථාවේ එක් අයෙකු ජීවිතක්ෂයට පත් වී සිටි බවයි අනාවරණ වී ඇත්තේ.