29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමෙරට ජනතා ප්‍රසාදය අඩුම දේශපාලඥයා බැසිල්.. දෙවැනියා නාමල්

මෙරට ජනතා ප්‍රසාදය අඩුම දේශපාලඥයා බැසිල්.. දෙවැනියා නාමල්

මෙරට ජනතා ප්‍රසාදය අඩුම දේශපාලඥයා බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පත්ව තිබෙන අතර එහි දෙවැනි ස්ථානයට නාමල් රාජපක්ෂ පත්ව තිබේ.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් කරනු ලැබූ නවතම සමීක්ෂණයකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව බැසිල් රාජපක්ෂ ලකුණු -73ක්, නාමල් රාජපක්ෂ -64ක්, ගෝඨාභය රාජපක්ෂ ලකුණු -51ක් හා මහින්ද රාජපක්ෂ ලකුණු – 52ක් ලබාගෙන තිබේ.

ජනතාව අතර ප්‍රසාදය හිමි දේශපාලඥයින් අතර ධන අගයක සිටින්නේ හිටපු රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේය. ඇයට ධන ලකුණු 8ක් හිමිව තිබේ. හිටපු රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාට සෘණ හෝ ධන ලකුණු හිමිව නොමැති අතර ඔහුගේ අගය 0 වෙයි.

එමෙන්ම අනුර කුමාර දිසානායක ලකුණු -16, ජනපති රනිල් වික්‍රමසිංහ හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සම සේ ලකුණු -39ක් හිමි කරගෙන තිබේ.