― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසාරා ජැස්මින් මියගිය බවට පළවන වාර්තා ගැන සොයා බැලිය යුතුයි

සාරා ජැස්මින් මියගිය බවට පළවන වාර්තා ගැන සොයා බැලිය යුතුයි

පාස්කු ප්‍රහාරයේ සුලමුල දන්නා බවට විශ්වාස කරන ප්‍රධාන සාක්ෂිකාරියක වන පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් ‘සාරා ජැස්මින්’ මියගොස් ඇති බවට පෙර දෙවතාවක් පැවැත්වූ පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් තෙවැනි ජෛව සම්පල වාර්තාව වාර්තාවක් නිකුත් කිරීම සමාජය ගැඹුරින් ප්‍රශ්න කළ යුතු බව සමාජ ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක පවසනවා.

ඔහු මතුකර සිටින්නේ එකම නිලධාරීන් කණ්ඩායමකගේ අධික්ෂණය මත සිදුවූ සාරා ජැස්මින් සම්බන්ධ DNA වාර්තා පසුකාලීනව වෙනස් වූයේ කෙසේද යන්න සොයා බැලිය යුතු බවයි.

සාරාගේ DNA පරීක්ෂණ කලින් මෙහෙයවපු, ASP සමන් වීරසිංහ කොවිඩ්වලින් අභිරහස් ලෙස මියගියා මතකද ?” යනුවෙන් ඔහු සිය මුහුණුපොතට පෝස්ටුවක් එක් කරමින් ප්‍රශ්න කරනවා.

මෙම සමාජ ක්‍රියාකරු ප්‍රශ්න කරන්නේ මීට පෙර දෙවතාවක් පැවැත්වූ පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් තෙවැනි DNA වාර්තාව පමණක් පිළිගැනීමට කියන්නේ ඇයි ද යන්න පිළිබඳව නැවත සොයා බැලීමක් කිරීම මෙහි සුලමුල හඳුනා ගැනීමට පහසු වන බවයි.

මීට ඉස්සෙල්ලා දෙවතාවක් ඪ්ණැ සම්පල පරික්ෂා කරලා තියෙනවා. එතකොට අපිට අහන්න තියෙන ප්‍රශ්නේ පළවෙනි පාරයි, දෙවැනි පාරයි පරික්ෂණ කළේ කවුද? එම නිලධාරින්මනේ. එතකොට එහෙනම් ඇයි අපි මේ තුන්වැනි එක පිළිගන්නේ? එකයි, දෙකයි කළේ ඒ නිලධාරින්ම නම්, ඒවා අසත්‍යය නම්, අපිට තුන්වැනි එක සත්‍ය යි කියලා පිළිගන්න හේතුවක් නැහැ” ඔහු පවසනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සෙවීමට පත් කරන ලද ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් ‘සාරා ජැස්මින්’ ජීවතුන් අතර සිටින බවට සාක්ෂි ලබා දී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

සහරාන්ගේ බිරිඳ හාදියා ජනාධිපති කොමිසමට සාක්ෂි දීලා තියෙනවා සයින්දමුරුදු ප්‍රහාරයට පස්සේ සිහිය එද්දි සාරාව දැක්කයි කියන කාරණය, ජනාධිපති කොමිසමේ හිටපු ස්ථානාධිපතිවරයෙක් වෙච්ච අර්ජුන් මහිල්කන්ද පෞද්ගලික ඔත්තුකරුවෙක් හරහා සොයාගන්නවා සාරා ජෙස්මින් අප්‍රේල් 26 නිවසේ සිදුවෙච්ච පිපිරීමෙන් පස්සේ ජීවතුන් අතර හිටියා, කලවංචිකුඩි පොලිසියේ අබුබකර් කියන ට්‍රැෆික් OIC සාරාට ඉන්දියාවට පැනලා යන්න උදව් කළැයි කියන කාරණාව.” යනුවෙන් ඔහු පවසයි.