26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනිවාර්ය නිවාඩු යැවූ තෙල් වෘත්තීය සමිති සාමාජිකයින් හා මහින්ද අතර හමුවක්

අනිවාර්ය නිවාඩු යැවූ තෙල් වෘත්තීය සමිති සාමාජිකයින් හා මහින්ද අතර හමුවක්

අනිවාර්ය නිවාඩු යවා ඇති ඛනිජ තෙල් වෘත්තීය සමිති සාමාජිකයින් ඇතුළු පිරිසක් අද (01) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වී තිබෙනවා.

මෙම හමුව හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ, විජේරාමයේ පිහිටි නිල නිවසේ දී පැවති බවයි වාර්තා වුණේ.

පසුගියදා අනිවාර්ය නිවාඩු යැවූ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් 20 දෙනාම මෙම සාකච්ඡාවට සම්බන්ධ වී සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර වැඩවර්ජනය කිරීමේ චෝදනා මත අනිවාර්ය නිවාඩු යැවූ සංස්ථා සේවකයින් 20 දෙනා සම්බන්ධ විනය පරීක්ෂණ ලබන සඳුදා දිනයේ ආරම්භ කරන බව ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.

ඉන්ධන බෙදාහැරිමේ ක්‍රියාවලයට බාධා වන ලෙස වැඩ වර්ජනය කිරීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථා පාලනාධිකාරිය විසින් මෙම වෘත්තීය සමිති නියෝජිතයින් අනිවාර්ය නිවාඩු යවනු ලැබුවා.