26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැළණි ගඟේ දිය නෑමට ගිය තරුණයෙක් ජීවිතක්ෂයට

කැළණි ගඟේ දිය නෑමට ගිය තරුණයෙක් ජීවිතක්ෂයට

නවගමුව – මාපිටිගම ⁣පාලම අසලින් කැළණි ගඟේ දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙකු අතරින් තිදෙනෙකු ඊයේ (31) සවස සැඩ පහරට ගසා ගෙන ගොස් තිබෙනවා.

එහිදී එක් තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් දෙදෙනාගේ දිවි ගලවා ගැනීමට හැකිව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දියේ ගිලී මිය ගිය තරුණයාගේ මෘත ශරීරය අද (01) දින නාවික හමුදා කිමිදුම් ඒකකයේ නිළධාරීන් විසින් සොයාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කඩුවෙල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවයේ නියතු මෙම තරුණයින් සිව්දෙනා ඊයේ සවස කැළණි ගඟේ දිය නාමින් සිටිය දී එක් තරුණයෙකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

ඔහුව බේරාගැනීමට තවත් තරුණයින් දෙදෙනෙක් දියට පැන ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනා ද ගසාගෙන ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එහිදී අසල සිටි ප්‍රදේශවාසීන් විසින් තරුණයින් දෙදෙනෙකු බේරාගැනීමට හැකිව ඇති බවයි නවගමුව පොලිසිය සඳහන් කළේ.

දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවර, හබරගල ප්‍රදේශයේ පදිංචිව සිටි ජනිත් මහේන්ද්‍ර නැමැති 21 හැවිරිදි තරුණයෙක්.