26.7 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස පවත්වන අලුත් සහල් මංගල්‍යය හෙට

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස පවත්වන අලුත් සහල් මංගල්‍යය හෙට

2023 වර්ෂයේ ඉදිරි යල සහ මහ කන්න අස්වනු සරුකර ගැනීම සඳහා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස පවත්වන සාම්ප්‍රදායනුකූල අලුත් සහල් මංගල්‍යය හෙට දින (02) දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ආයතන රැසක දායකත්වයෙන් පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යයේ සාම්ප්‍රධායික වතාවත් අද (01) උදෑසන ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී ආරම්භ වුණා.

ඒ, අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ ගේ සතර වාහල්කඩ දී සමාරම්භක කිරි ආහාර පූජාව අද (01) පෙරවරුවේ සිදුකෙරුනා.

2022/23 මහ කන්නයේ සෑම දිස්ත්‍රික්කයකම ගොවි ජනතාව විසින් සිය අස්වැන්නේ පළමු කොටස ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කිරීම උදෙසා අලුත් සහල් මංගල්‍යය පවත්වනු ලබනවා.