28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහාචාර්ය සනත් නන්දසිරිගේ අවසන් කටයුතු අද රාජ්‍ය ගෞරව සහිතව

මහාචාර්ය සනත් නන්දසිරිගේ අවසන් කටයුතු අද රාජ්‍ය ගෞරව සහිතව

අභාවප්‍රාප්ත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (01) පස්වරු 3.00 ට බොරැල්ල සුසාන භූමියෙදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතවේ.

මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ දේහය අද (01) පෙරවරු 10.00 සිට මධ්‍යාහ්න 12.00 දක්වා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අවසන් ගෞරව දැක්වීම සඳහා තැන්පත් කර තිබෙනවා.

අනතුරුව දේහය පස්වරු 2.00 දක්වා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර තැබීම නියමිතයි.

කලක් රෝගාතුරව සිටි සනත් නන්දසිරි මහතා පසුගිය 28 වනදා පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණේ සිය නිවසේදීයි.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 81 වන වියේ පසු වුණා.