― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමාසිකව බිත්තර මිලියන 30ක් ආනයනයට අවසර

මාසිකව බිත්තර මිලියන 30ක් ආනයනයට අවසර

මාසිකව බිත්තර මිලියන 30ක් ආනයනය කිරීමට අනුමැතිය ලැබී ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වෙළඳ, කෘෂිකර්ම සහ මුදල් අමාත්‍යාංශවල ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව අවශ්‍ය වුවහොත් මාසයකට බිත්තර මිලියන 30ක් පමණ ආනයනය කිරීමේ හැකියාව පවතින බව ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් විශාල ප්‍රමාණවලින් බිත්තර ආනයනය කිරීමට උනන්දු නොවන අතර දේශීය නිෂ්පාදකයින් ප්‍රමාණවත් බිත්තර, හිඟයකින් තොරව වෙළඳපොළට නිකුත් කිරීමට ඇති හැකියාව සහ පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට විකිණීමට ඇති කැමැත්ත මත ආනයනය කෙරෙන සංඛ්‍යාව රඳා පවතිනු ඇති බවයි අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියාසිටියේ.

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10ක් කොළඹට පැමිණ තිබෙනවා.

ඒ අනුව බිත්තර ආනයනය කිරීමට තීරණය කිරීමෙන් පසු මේ වන විට ඉන්දියාවෙන් බිත්තර මිලියන 3ක් මෙරටට රැගෙන විත් තිබෙනවා.