― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමිතුරා සමඟ එක්ව පියා නැසූ පුතුන් දෙදෙනා පොලිස් දැලේ

මිතුරා සමඟ එක්ව පියා නැසූ පුතුන් දෙදෙනා පොලිස් දැලේ

යාපනය, මිරුසුවිල් ප්‍රදේශයේ දී සිය පියා ඝාතනය කළ පුතුන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ මිතුරෙකු ඊයේ (31) යාපනය – කොඩිකාමම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය, මිරුසුවිල් ප්‍රදේශයේ වගා බිමක පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශන වලදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

43 හැවිරිදි පියාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ වයස අවුරුදු 17 සහ 19 යන වයස්වල පසුවූ පුතුන් දෙදෙනා සහ තවත් 19 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

සිය පියා ඝාතනය කිරීමෙන් පසු වැඩිමහල් පුත්‍රයා හා ඔහුගේ මිතුරෙකු තුවාල සහිතව රෝහල්ගතව ඇති අතර, එහිදි ඔවුන් පවසා ඇත්තේ කිසියම් පිරිසක් පැමිණ තම පියා ඝාතනය කර පළා ගිය බවයි.

තම පියා බේරාගැනීමට උත්සාහ කිරීමේදී තමන්ට ද එම පිරිස පහරදුන් බවයි ඔවුන් පොලිසිය වෙත පවසා ඇත්තේ.

කෙසේ වෙතත් මියගිය පුද්ගලයා දැනට වසර දෙකක පමණ කාලයක සිට බිරිඳගෙන් හා දරුවන්ගෙන් වෙන්ව ජීවත්ව ඇති බවයි පොලිසිය පසුව අනාවරණය කරගෙන ඇත්තේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බාල පුත්‍රයාගෙන් සිදුකළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ පියාගේ කරදර ඉවසා ගැනීමට නොහැකිව තමන් පියාව ඝාතනය කළ බවයි.

එහිදී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් යාපනය – චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.