32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරථ පෙළපාලියකට ගිය කැබ් රථය පෙරළී බදුල්ලේ පාසල් සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

රථ පෙළපාලියකට ගිය කැබ් රථය පෙරළී බදුල්ලේ පාසල් සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කැබ් රථයක් පෙරළී බදුල්ල නගරයේ අද (01) දහවල් සිදු වූ අනතුරකින් පාසල් ළමුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බදුල්ල ධර්මදූත විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙක් වන අතර, මෙම අනතුරින් තවත් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

බදුල්ල ධර්මදූත විද්‍යාලය සහ බදුල්ල ඌව මහා විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගයට සමගාමීව අද පැවැත්වුණු ධර්මදූත විද්‍යාලයේ රථ පෙළපාලියට සහභාගී වෙමින් තිබූ කැබ් රථයක් මෙලෙස අනතුර ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.