― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsරුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ගූගල් එකටත් වරදී

රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ගූගල් එකටත් වරදී

ලෝක ප්‍රකට ගූගල් සෙවුම් යන්ත්‍රය විසින් ශ්‍රී ලංකා රුපියල් අගය තවදුරටත් වර්ධනයක් කර ඇති බව ඊයේ පෙන්නුම් කර තිබුණා.

එම වෙබ් අඩවියට අනුව ඇමරිකානු ඩොලරය ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව රුපියල් 236 දක්වා පහත බැස ඇති බවයි සටහන් වුයේ.

කෙසේවෙතත් එය නිවැරදි තොරතුරක් නොවන අතර ඊයේ දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයට අනුව ඩොලරයක ගැනුම් අනුපාතිකය සටහන් වූයේ රුපියල් 318.27ක් ලෙසටයි. එහි විකුණුම් මිල රුපියල් 336 ලෙස සටහන් වී තිබුණා.

එමෙන්ම බ්‍රිතාන්‍ය පවුමක් ද ගූගල් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ රුපියල් 293ක් ලෙසටයි. කෙසේවෙතත් පසුව ටික වේලාවකින් එය නිවැරදි කර තිබුණා.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ තවදුරටත් අවප්‍රමාණය වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කර තිබුණේ.

එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය ඊයේ පැවතියේ රුපියල් 317.71ක් ලෙසටයි.

තවත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව රුපියලද ඊයේ දිනයේදී සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී තිබුණා.