27.8 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF ණය ක්‍රියාත්මක වන ආකාරය ගැන සොයන්න ජනපතිගෙන් කමිටුවක්

IMF ණය ක්‍රියාත්මක වන ආකාරය ගැන සොයන්න ජනපතිගෙන් කමිටුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා පසු විපරම් කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබෙනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු පිරිසක් මෙම කමිටුවේ සාමාජිකන් ලෙස නම්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කමිටුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පසු විපරමක් කළ යුතු අතර, බදු ප්‍රතිපත්ති, බදු ප්‍රතිශතයන් වෙනස්වීම්, වක්‍ර බදු අඩු කරමින් සෘජු බදු ඉහළ නැංවීම ආදිය ගැන නිරන්තයෙන් සොයා බලා ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු වනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කිරීම ගැන ද මෙම කමිටුව විසින් සොයා බැලිය යුතු අතර, දූෂණ මර්දන පනත වැනි අණ පනත් ගැන ද සොයා බලමින් මාසයකට වරක් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කළ යුතුයි.

ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව කටයුතු කරන ආකාරය පිළිබඳ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමට ද නියමිත බව සඳහන්