― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalIMF මේ වේලාවේ ජනවරමක් නැති ආණ්ඩුවකට උදව් කිරීම වැරදියි - කිරිඇල්ල

IMF මේ වේලාවේ ජනවරමක් නැති ආණ්ඩුවකට උදව් කිරීම වැරදියි – කිරිඇල්ල

රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමට ජනවරමක් නැති ආණ්ඩුවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උදව් කිරීම වැරදි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

උදව් කරන්නේ රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාව සහිත ජනවරමක් සහිත ආණ්ඩුවකට බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය සැප්තැම්බර් මාසයේ දී ප්‍රකාශ කළ බව පැවසූ මන්ත්‍රීවරයා, ඒ අනුව ආණ්ඩුව මැතිවරණයක් පවත්වා නව ජනවරමක් ලබා ගැනීමට කටයුතු කරාවි යැයි රටම බලාපොරොත්තු වූ බව ද සඳහන් කළේය.