― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsඅත්‍යවශ්‍ය අපනයන කාර්යයන් සඳහා මුදල් නිදහස් කරනවා

අත්‍යවශ්‍ය අපනයන කාර්යයන් සඳහා මුදල් නිදහස් කරනවා

අත්‍යවශ්‍ය අපනයන කාර්යයන් සඳහා අවශ්‍ය මුදල් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ කඳාන ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රටේ මූල්‍ය නියාමන තීරණ මත සංවර්ධන කාර්යන් සඳහා මුදල් නිකුත් නොකළද කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කර ආදායම් උත්පාදන කාර්යයන් සඳහා අවශ්‍ය මුදල් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.

මේ අවස්ථාවේ සංවර්ධන වැඩකටයුතු සඳහා විශාල මුදල් වෙන් නොකෙරුවත් ඒ සඳහා චක්‍රලේඛන තිබුණත් අපේ රටට ආදායම ගෙනඑන අපනයනය සඳහා අවශ්‍ය කරන දේවල්වලට මුදල් යෙදවීම නවත්වන්නට බැහැ. නවත්වන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය ආයතනවලට එවැනි ගැටලුවක් තියෙනවානම් ඒ සඳහා කැබිනට් මණ්ඩලයට ඒ අදාළ කැබිනට් ඇමතිවරු සාකච්ඡා කරලා අපිට මැදිහත් වෙලා ඒ සඳහා අවශ්‍ය කරන මුදල් ලබාදෙන්න අපිට හැකියාව අපිට තියෙනවා. ඒ නිසා හැම නිලධාරියෙක්ම අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතුවලට දේවල්වලට පමණක් යොදවලා අපේ රටේ ජනතාවගේ ආදායම වැඩිකරන අපනයන වැඩිකරන්න අවශ්‍ය කරන මුදල් අනිවාර්යෙන්ම නිදහස් කරන්න කටයුතු කරන්නට ඕනේ මම ඒක ඊළඟ සතියේ කැබිනට් මණ්ඩලය එක්ක කතා කරලා අපි ඒ සම්බන්ධයෙන් තීන්දු ගන්න බලාපොරොත්තු වෙනවා.