29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅත්‍යවශ්‍ය භාණ්ඩ රැසක තොග මිල පහළට

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක තොග මිල පහළට

අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු ආනයනික භාණ්ඩවල තොග මිල ගණන් මේ වනවිට 10%කින් පමණ අඩු වී ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ස්ථාවර අගයක පැවතීම හේතුවෙන් මෙලෙස ආනයනික භාණ්ඩවල තොග මිල ගණන් අඩු වී ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර භාණ්ඩවල තොග මිල ගණන් පහළ යාමක් පෙන්නුම්කර ද සිල්ලර වෙළඳපොළේ භාණ්ඩවල මිල අඩුවීමක් පෙන්නුම් නොකරන බවයි පාරිභෝගිකයින් චෝදනා කරන්නේ.

මේ අතර එළඹෙන උත්සව සමය වෙනුවෙන් ලබන 12 වනදා දක්වා කාලය තුළ දිවයිනේ ඕනෑම මහා මාර්ගයක් දෙපස සිය නිෂ්පාදන අලෙවි කිරීමට නිෂ්පාදකයින්ට (01) වැනිදා සිට අවසර ලබා දුන්නා.