27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋත්සව සමයේ හොර වෙළඳුන් හා ගැට කපන්නන්ගෙන් ප්‍රවේශම්වන්න – පොලිසිය

උත්සව සමයේ හොර වෙළඳුන් හා ගැට කපන්නන්ගෙන් ප්‍රවේශම්වන්න – පොලිසිය

උත්සව කාල සිමාව තුළ කල් ඉකුත් වූ භාණ්ඩ හා අහාර ද්‍රව්‍ය විවිධ වෙළෙඳුන් විසින් පොළ භුමි හා ගම්වලට රැගෙන විත් අළෙවි කිරීමට වැඩි ඉඩක් පවතින බව පොලිසිය දැනුම් දෙනවා.

එබැවින් එම භාණ්ඩ හා අහාර ද්‍රවය මිලට ගැනීමේදී ප්‍රවේසම් වන ලෙසටයි ඔවුන් මහජනතාවට දැනුම් දෙන්නේ.

එසේම ව්‍යාජ මුදල් නෝට්ටු සැරිසැරීමට වැඩි ඉඩ කඩක් පවතින බවත්,සංවිධානාත්මක ගැට කපන්නන් වෙළඳපොල හා බස්රථ තුළ සැරිසැරීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවත් පොලිස් මුලස්ථානය දැනුම් දෙනවා.

දරුවන් සමග ගමන් බිමන් යාමේදී ප්‍රවේසම් වන ලෙසත් බීමතින් රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය වහා කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා නුකුත් කළ දැනුම් දීමක සදහන් වනවා