27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකුකුළු මස් සහ බිත්තර මිල ගැන රතු එළියක්

කුකුළු මස් සහ බිත්තර මිල ගැන රතු එළියක්

සිංහල අලුත් අවුරුදු සමයේදී කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යනු ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කරන්නේ මෙලෙස බිත්තර හා කුකුළු මස් මිල ඉහළ යාම වැළැක්විය නොහැකි බවයි.

එසේම ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීමේ අපහසුතා මත කුකුළු මස් කිලෝවක් රුපියල් 1,200 සිට රුපියල් 1,400 දක්වා මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවයි ඔහු අවධාරණය කරන්නේ.

“වෙළෙඳ ජාලය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තියෙන්නේ. මේවා නරක් වෙන නිෂ්පාදන. ශක්තිමත් වෙළෙඳ ජාලයක් තිබුණේ නැති වුණාම මිල උච්චාවචනය වීම අපිට නවත්වන්න බෑ. අවුරුදු සමයේ දිගු නිවාඩුවක් ලැබෙනවා. ඊළඟට උත්සව සමයත් එනවා එතකොට ඉල්ලුම වැඩිවෙනවා. අපිට ප්‍රශ්නයක් තියෙනවා ඉල්ලුමට සැපයුම කරන්න පුළුවන් ද කියලා. එතකොට ඉල්ලුම සැපයුම අනුව තමා මිල තීරණය වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා කුකුළු මස් කිලෝවක් රු 1,200ක් – රු 1,400ක් අතර දෝලනය වෙයි කියලා.”