― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsPoliticalකොන්දේසි 5කට යටත්ව පිවිතුරු හෙළ උරුමය පෞද්ගලීකරණයට එකඟයි - ගම්මන්පිල

කොන්දේසි 5කට යටත්ව පිවිතුරු හෙළ උරුමය පෞද්ගලීකරණයට එකඟයි – ගම්මන්පිල

කොන්දේසි පහකට යටත්ව පිවිතුරු හෙළ උරුමය පෞද්ගලිකරණයකට එකඟ වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද දින(03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.

රාජ්‍ය ව්‍යාපාර දූෂිතයි. අකාර්යක්ෂමයි. දේශපාලනිකරණයට ලක් වෙලා.රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකරණය පිළිබඳ රටේ සංවාදයක් ඇති වී තිබෙන බැවින් ඒ පිලිබඳ පිවිතුරු හෙළ උරුමයේ මතය රටට පැවසිය යුතුයි. පසුගිය වසර 75 අත්දැකීම තමයි රාජ්‍ය ව්‍යවසාය දේශපාලනිකරණය, දූෂණය සහ අකාර්යක්ෂමභාවය වැනි හේතු නිසා ජනතාවට බරක් වීමයි. මම ඇමතිවරයෙකු ලෙස උපදේශකයෙකු ලෙස සභාපතිවරයෙකු ලෙස රාජ්‍ය ආයතන සමග කටයුතු කර තිබෙනවා. අපි තිත්ත ඇත්ත කතා කරමු. ඇමතිවරයාගේ සිට කම්කරුවා දක්වා හැමෝම බලන්නේ තමන්ට ආයතනයෙන් ලබා ගත හැකි දේ මිස ආයතනය දියුණු කරන්න නොවේ. නමුත් පෞද්ගලික අයිතිකරුවන් සෑම විටම දකින්නේ තමන්ගේ දියුණුවයි ආයතනයේ දියුණුවයි කියන්නේ එකක් මිස දෙකක් නොවේ කියලා.

දේශපාලන බලපෑම නිසා රාජ්‍ය ව්‍යවසායන්ට බඳවා ගන්නේ පාක්ෂිකයා මිස දක්ෂයා නොවේ. ඉතින් පෞද්ගලික ව්‍යවසායේ ඉන්නා දක්ෂයා සමග පාක්ෂිකයාට තරග කරන්න බෑ තමයි. ඒ වගේම පෞද්ගලික ව්‍යාපාර මිල දී ගන්නේ අඩුම මිලට තිබෙන ප්‍රමිතියෙන් යුත් භාණ්ඩයි. රාජ්‍ය ව්‍යවසාය මිල දී ගන්නේ වැඩිම කොමිස් මුදල ගෙවන සැපයුම්කරුවාගේ භාණ්ඩයි. සෑම රාජ්‍ය ව්‍යවසායකටම මේ කරුණු අදාල නොවුණත් සාතිශය බහුතරයක් සම්බන්ධයෙන් මේ කරුණු අදාලයි. ඒ නිසා කොන්දේසි පහකට යටත්ව අපි පෞද්ගලිකරණයකට එකඟයි.