29.5 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටි 06ක අයිස් මත්ද්‍රව්‍ය තලෙයිමන්නාරමින් අල්ලයි

කෝටි 06ක අයිස් මත්ද්‍රව්‍ය තලෙයිමන්නාරමින් අල්ලයි

රුපියල් කෝටි 06කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තලෛයිමන්නාරම් මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි.

මුහුදේ පාවෙමින් තිබූ උරයක් පරීක්ෂාවට ලක් කිරීමේ දී එහි තිබී මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ බව කිලෝග්‍රෑම් 04කට අධිකයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් සිය භාරයේ පවතින බවයි නාවික හමුදාව සඳහන් කළේ.