23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජපන් සිහින බොද කළ පුද්ගලයෙකුට වසර 15ක සිර දඬුවමක්

ජපන් සිහින බොද කළ පුද්ගලයෙකුට වසර 15ක සිර දඬුවමක්

ජපන් රටේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් 15 දෙනකුකට අධික පිරිසකගෙන් රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් වංචා කළ බවට වරදකරුවූ කොළඹ 07 කුරුදුවත්ත රොස්මිඩ් පෙදෙසේ විදේශ රැකියා ඒජන්සියක හිමිකරුවකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වසර 15ක සිරදඬුවමක් අද (03) නියම කළේය.

මෙලෙස සිරදඬුවම් නියම වූයේ මේ වන විට අධිකරණය මග හැර සිටින විවෘත වරෙන්තුකරුවකු වන නො. 25/ 27, ශ්‍රී විපුල සේන මාවත, මරදාන, කොළඹ 10 පදිංචි පුබුදු මනෝජ් රණවක පතිරණ හෙවත් ‘රොෂාන්’ නැමැත්තාටය.

පැමිණීලිකරුවන්ගෙන් වංචා කළ රුපියල් ලක්ෂ 50කට අධික මුදල යළි පැමිණීලිකරුවන්ට ගෙවන ලෙසත් එසේ නොගෙවන්නේ නම් එක් නඩුවක් සදහා ගෙවිය යුතු මුදල වෙනුවෙන් මාස 06 බැගින් වසර හත හමාරක ලිහිල් සිරදඩුවමක් ද අධිකරණය විසින් චුදිතට නියම කරනු ලැබීය.

මෙම චූදිත නොමැතිව අධිකරණය හමුවේ නඩුව විභාග වූ අතර මුල් අවස්ථාවේදී චූදිත අධිකරණයේ පෙනී සිටිමින් වංචා කළ මුදලින් සුලු කොටසක් පැමිණීලිකරුවන්ට ගෙවා තිබූ බව ද අධිකරණයේදී කරුණු හෙළි විණී. මෙම චූදිතට එරෙහිව අධිකරණය විසින් මේ වන විට විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කරනු ලැබ ඇත.