29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනාමල්ගේ ගැසට් එකක් ඇමති රොෂාන් ඉවත් කරයි

නාමල්ගේ ගැසට් එකක් ඇමති රොෂාන් ඉවත් කරයි

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතු අත්හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ඉවත් කරගැනීමට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

අදාළ තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා රග්බි ආයතනය සහ එහි සභාපති රිස්ලි ඉලියාස් විසින් ගොනු කළ රිට් පෙත්සම කැදවූ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා මෙම දැනුම් දීම සිදු කළා.

ඒ අනුව අදාළ පෙත්සම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර දැනුම් දීම සඳහා එම පෙත්සම මේ මස 06 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතු අත් හිටුවමින් 2022 වසරේ අප්‍රේල් මස 01 වනදා එවක ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි.

එම ගැසට් නිවේදනය නීතියට පටහැනි ලෙස නිකුත් කර ඇති බවත් එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.