30 C
Colombo
Saturday, September 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමල තලන්න කිතුලට නැගි අයෙක් ගස උඩදීම ජීවිතක්ෂයට

මල තලන්න කිතුලට නැගි අයෙක් ගස උඩදීම ජීවිතක්ෂයට

කිතුල් ගසක් මැදීමට ගිය පුද්ගලයෙක් අද (03) ගස උඩම මියගොස් ඇති බව පිටිගල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පොරවගම, කරුවලතොට පදිංචි රණසිංහ වීරක්කොඩි නමැති 63 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු අද (03) උදෑසන නිවස ඉදිරිපිට ඉඩමේ ඇති කිතුල් මැදීම සඳහා ගසට නැග ඇති අතර ඔහු ගස උඩම මියගොස් ඇති බව දුටු ප්‍රදේශවාසින් ඒ බව පොලිසියට දැනුම් දී තිබේ.

පොලිසිය එම ස්ථානයට පැමිණ සිරුර බිමට ගෙන ඇති අතර හෘදයාබාධයකින් මොහු මරණයට පත්වන්නට ඇති බවයි සැක පළ කරන්නේ.