― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsමාර්ග සංඥා පුවරුවේ සංඥා නොතකා ගොස් අනතුරක් සිදුකළ පුද්ගලයෙකු රිමාන්ඩ්

මාර්ග සංඥා පුවරුවේ සංඥා නොතකා ගොස් අනතුරක් සිදුකළ පුද්ගලයෙකු රිමාන්ඩ්

මාර්ග සංඥා පුවරුවේ සංඥාව නොතකා අපරික්ෂාකාරී ලෙස ජිප් රථයක් පදවා යතුරුපැදිකරුවෙකු අනතුරට ලක්කර පලාගිය පුද්ගලයෙකු ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළා.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගම්පහ මිරිස්වත්ත මංසන්ධියේ සවිකර තිබු සංඥා පුවරුව නොතකා ධාවනය කළ ජීප් රථයක් නිවැරදි සංඥාව අනුගමනය කරමින් ප්‍රධාන මාර්ගයෙන් පිටත මාර්ගයකට ධාවනය කළ යතුරු පැදියේ ගැටී මේ අනතුර සිදුව තිබුණේ ඉකුත් 31 වෙනිදා රාත්‍රී 11.45ට පමණ.

අනතුරෙන් පසුව ජිප් රථයේ මුහුණතේ සිර වූ යතුරු පැදිය සමග ජීප් රථය නතර නොකර පලාගොස් ඇති අතර මෙය දුටු ත්‍රිරෝද රථ රියදුරෙකු ජීප් රථය හඹා ගොස් අල්ලා ගැනීමට උත්සහ කර තිබුණා .

එහිදී ජීප් රථ රියදුරු රථය නවතා පලාගොස් තිබු අතර ජීප් රථය පසුව පොලීසිය භාරයට ගැනුණා.

අධිකරණයට භාරවූ ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ පදිංචි ජේ .ඒ.මහේෂ් සම්පත් ජයකොඩි නමැති සැකකාර ජිප් රථ රියදුරු පසුව අධිකරණයට භාරවූ අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

යතුරු පැදිකරු තවමත් රෝහල් ප්‍රතිකාර ලබනවා.