30 C
Colombo
Saturday, September 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිලදී ගන්නා මුවාවෙන් යතුරුපැදි ඉස්සූ හොරා මාට්ටු

මිලදී ගන්නා මුවාවෙන් යතුරුපැදි ඉස්සූ හොරා මාට්ටු

යතුරුපැදි මිලදී ගන්නා මුවාවෙන් ගොස් ඉතා සූක්ෂම අයුරින් එම යතුරුපැදි සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරනවා.

සැකකරු විසින් මෙලෙස රුපියල් ලක්ෂ 50 කට ආසන්නව වටිනාකමකින් යුතු යතුරුපැදි අටක් සොරාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

හෝමාගම, කොට්ටාව, කැස්බෑව, පිළියන්දල සහ කහතුඩුව යන ප්‍රදේශවලින් සැකකරු මෙලෙස යතුරුපැදි සොරාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අන්තර්ජාලය ඔස්සේ යතුරුපැදි විකිණීම සඳහා දැන්වීම් පළ කර ඇති ස්ථාන වෙත ගොස් යතුරුපැදිය පරීක්ෂා කරන මුවාවෙන් මෙම සොරකම් සියල්ල සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සැකකරු විසින් මෙලෙස සොරාගන්නා ලද යතුරුපැදි බොරලැස්ගමුව, පිළියන්දල ආදී ප්‍රදේශවල යතුරුපැදි අලෙවිකරණ ස්ථානවලට අඩු මුදලට විකුණා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.

තවත් යතුරුපැදියක කොටස් සැකකරු පදිංචි පිළියන්දල, මකුළුදූව ප්‍රදේශයේ නිවසේ සඟවා තිබියදී සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරු අයිස් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූවෙක් බවට හඳුනාගෙන ඇති අතර, ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.