― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරට යන්න සූදානමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමක්

රට යන්න සූදානමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමක්

ඊයේ (02) රාත්‍රියේ නාඳුනන පිස්තෝලකරුවකු එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් විදේශ රැකියාවකට යාමට සුදානමින් සිටි අයෙකුගේ ජීවිතය යාන්තමින් බේරී ඇති බව මාරවිල පොලීසිය පවසයි.

මෙසේ දීවි බේරාගෙන ඇත්තේ මාරවිල කොස්වාඩිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි දෙදරු පියකු වන නිරෝෂන් ඩේමියන් ප්‍රනාන්දු නමැති අයෙකු බව පොලීසිය සදහන් කරන අතර ප්‍රහාරයෙන් බේරි ඇති තැනැත්තා වසර 15කට වැඩි කාලයක් ඉතාලියෙ රැකියාවක නිරතව ඇති බවත් මෙවර නිවාඩුවට පැමිණ සිටියදි මෙම සිද්ධියට මුහුණ පා ඇති බව වාර්තා විය.

අදාල පුද්ගලයාට වෙඩි ප්‍රහාර තුනක් තබා ඇති බවත් පරික්ෂණ වලදී තහවුරු වී තිබේ. ඊයේ රාත්‍රි 8.30ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඩේමියන් ප්‍රනාන්දුට මාර්ගයේ සිට නමින් කථාකර ඇති බවත් ඔහු ගේට්ටුව අසලට පැමිණෙනවාත් සමගම පිස්තෝලයකින් එක්වර වෙඩිතබා ඇති බවත් එයින් බියට පත්වු තැනැත්තා නිවස තුළට දිවයද්දි නැවතත් දෙවන වෙඩිල්ලත් තබා තිබුණි.

ඒ සමගම මෙම පිස්තෝලකරුවන් තුන්වන වෙඩිල්ල ද තබා ඇති මුත් එයින්ද මෙම තැනැත්තා බේරි ඇතත් එම වෙඩි ප්‍රහාරය අසල්වැසි ඥාති නිවසක බිත්තියකට වැදි ඇති බව පොලීසිය පැවසීය.

එම වෙඩි ප්‍රහාරයෙන් අසල්වැසි ඥාති කාන්තා කාන්තාවගේ දිවි යාන්තමින් බේරි ඇති බව වාර්තා විය.

මෙම වෙඩිතැබිමට කුමන හේතුවක් බලපා ඇත්දැයි සොයාබැලිමට පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් කටයුතු කරන බව කියයි.

මෙම වෙඩිතැබිම සිදුවන අවස්ථාවේදි අදාළ තැනැත්තාගේ බිරිඳ හා අවුරුදු 17 හා 10 වයසේ දරුවන් දෙදෙනාම නිවස තුළ රැඳී ඇති බව පරික්ෂණවලදි තහවුරු වි තිබේ.

මෙම පරික්ෂණ සදහා මාරවිල මූලස්ථාන පොලිසිය හා පොලිස් ඇඟිලි සලකුණු නිලධාරින් හා පොලිස් අපරාධ ස්ථානිය පරික්ෂණ නිලධාරින් එක්ව තිබුණි. එම වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වූ පුද්ගලයා පොලීසියට ප්‍රකාශයක් දීමෙන් අනතුරුව විදෙස් ගතවී තිබේ.