26.7 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට ශ්‍රී ලංකාවට හරි කෙළින් ඉර මුදුන් වෙයි

අද සිට ශ්‍රී ලංකාවට හරි කෙළින් ඉර මුදුන් වෙයි

අද (05) සිට ලබන 15 දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් ඉර මුදුන්වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දහවල් 12.30 ට තල්පේ, තිහගොඩ සහ වැලිපිටියට අද ඉර මුදුන්වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර, සබරගමුව, උතුරු මැද සහ වයඹ පළාත්වලටත්, මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හා ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අනුරාධපුර, මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කවලට උදෑසන කාලයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

වැසි සමග ඇතිවිය හැකි තද සුළං හා අකුණු මඟින් ආරක්ෂා වන ලෙසට ද එම දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙනවා.