― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅප්‍රේල් දක්වා ත්‍රිපෝෂ බෙදා හැර අවසන්

අප්‍රේල් දක්වා ත්‍රිපෝෂ බෙදා හැර අවසන්

මාසිකව ත්‍රිපෝෂ පැකට් දහනව ලක්ෂයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සපයන බවත් ඒ අනුව අප්‍රෙල් මාසය දක්වා අවශ්‍ය වන ත්‍රිපෝෂ සපයා ඇති බවත් ත්‍රිපෝෂ සමාගමේ සභාපති කීර්ති කුලරත්න පැවසීය.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ බඩ ඉරිගු මෙට්‍රික් ටොන් ඒක්දහස් දෙසියයක් සහ සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 350ක් ත්‍රිපෝෂ නිෂ්පාදනයට ලෝක ආහාර සංවිධානය විසින් නොමිලේ ලබාදුන් බවයි.

මෙරට මාසික ත්‍රිපෝෂ අවශ්‍යතාව පැකට් ලක්ෂ 19ක් වන අතර රට පුරා වෙසෙන සියලුම ගර්භණී කතුන්, කිරි දෙන මව්වරුන්, ළමා සහ ළදරුවන් සඳහා ත්‍රිපෝෂ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල මගින් සපයයි.