කිසිඳු ක්රීඩාවකට බාහිර බලපෑම් එල්ල නොකළ යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසයි.
මන්ත්රීවරයා මේ බව ප්රකාශ කළේ ඊයේ (04) ෆේස්බුක් සජීව වැඩසටහනට එක්වෙමිනි.
“රගර්, ෆුට්බෝල්, ක්රිකට් හෝ වේවා මේ ක්රීඩාවලට බාහිර බලපෑම් අවම විය යුතුයි. අපි දකිනවා ගොඩක් වෙලාවට මැච් එකට කලින් ක්රීඩකයින් විවේචනය කරනවා. හොඳම උදාහරණේ තමයි පහුගිය නවසීලන්ත සංචාරයේදී එකක් හොඳට ගැහුවා. ඒක ගැන හොඳ කිව්වා ක්රීඩකයින්ගේ. අනික පැරදුනාම බනින්න පටන් ගත්තා. ඒ දේක ඉවර උනාම දැන් ක්රීඩාව ඉවරයි කියලා බනින්න පටන් ගත්තා. ඨ්20 එක දින්නම දැන් ආයේ ක්රීඩකයින්ට හොඳයි කියනවා.“